හුස්ම සහ සංක්‍ෂිප්තය
මාගේ මවත්, සහෝදරියනුත් සමඟ මමද මාගේ පියාගේ ඇඳ ලඟ සිටගෙන ඔහුගේ හුස්ම ගැනීම ටිකෙන් ටික අඩුව ගොස් අවසානයේ එය නැවතෙනවා බලා සිටියෙමු. මගේ පියා වයස 89ට පා තබන්නට තව දවස් කීපයක් තිබියදී දෙවියන්වහන්සේ වෙතට නිහඬවම ගියේය. ඔහුගේ වියෝව හේතුවෙන් අප තුළ හිස්බවක් ඉතිරිව තිබුණි. දැන් අපට ඉතිරිව තිබුණේ මතකයන් සහ සිහිවටන පමණි. එහෙත් කවදාහෝ අපි